අධික වැසි මැද කොත්මලේ ජලාශය ගැන අලුත්ම දැනුම්දීමක්

Department of Meteorology Latest Headlines Rain Sinhala news Puwath.lk
By R.rishma Oct 26, 2026 10:36 AM GMT
Report

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල ධාරිතාව ක්‍රමයෙන් උපරිම මට්ටමට ළඟා වෙමින් පවතින බව මහවැලි අධිකාරිය නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර, පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශයේ ජල මට්ටම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබෙනවා.

ජලාශයේ වත්මන් ජල මට්ටම, වාන් දැමීමේ අවදානම සහ ඒ සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය නිකුත් කළ නිල උපදෙස් පිළිබඳ වැඩිදුර තොරතුරු එම නිවේදනයේ සඳහන් වේ.      

Gallery