බ්‍රෙන්ඩන් ටේලර්ගෙන් ලෝක වාර්තාවක්

Sanath Jayasuriya Sports Latest Headlines Sinhala news Brendan Taylor
By R.rishma Sep 15, 2026 01:05 PM GMT
Report

පිරිමි එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම ක්‍රීඩා දිවියට හිමි වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙන්ඩන් ටේලර් සමත්ව තිබේ.

ඒ අනුව, අද (15) ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමත් සමඟ ටේලර්ගේ එක්දින ක්‍රිකට් දිවිය වසර 22ක් සහ දින 148ක් දක්වා දීර්ඝ වී තිබේ.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ය. 

තෙන්ඩුල්කාර් වසර 22ක් සහ දින 91ක කාලයක් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති අතර, නව වාර්තාවත් සමඟ ඔහු දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සනත් ජයසූරියට හිමිව ඇති අතර, ඔහු වසර 21ක් සහ දින 184ක් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී තිබේ.

ඒ අනුව, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දීර්ඝතම ක්‍රීඩා දිවිය හිමි ක්‍රීඩකයා ලෙස බ්‍රෙන්ඩන් ටේලර් නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව ඇත.