අක්ෂි රෝහලේ දී මියගිය කතගේ මරණයට හේතුව හෙළිවෙයි..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 07, 2023 12:32 PM GMT
Report

ඊයේ (6) කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පසුගියදා කොළඹ ජාතික අක්ෂි රෝහලේදී මියගිය කාන්තාවගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට හෙළිවී තිබෙනවා.

 කොස්ගොඩ - බොරළුකැටිය දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මියගොස් තිබුණා.

ජාතික අක්ෂි රෝහලේ දී මෙම මස 5 වනදා අදාළ සැත්කම සිදුකිරීම සඳහා නිර්වින්දනය කිරීමෙන් පසු සිහි නොලබාම ඇය මියගොස් තිබුණා.

මෙම කාන්තාව දින කිහිපයකට පෙර ඇසට කාචයක් දමාගෙන ඇති අතර, පසුව එහි ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙනුයි මෙලෙස සැත්කමක් සඳහා රෝහල් ගතව තිබුණේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, මෙම කාන්තාවගේ හෘදයේ අධික මේදය තැන්පත් වීම සහ ශරීරයේ නහර විනාශ වී තිබුණු බව