බරපතළ තුවාල ලබා මහමග වැටී සිටි කාන්තාව
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sithumi
බරපතළ ලෙස තුවාළ ලබා මහමග වැටී සිටි කාන්තාවක් පිළිබඳව සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. තුවාල ලබා සිටි කාන්තාව වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාවට අහංගම ප්‍රදේශයේදී පහරදීමක් සිදුව ඇති බවය. අනතුරුව එම කාන්තාව මෙලෙස වලස්මුල්ල ප්‍රදේශට ගෙනවිත් දමා ඇති බවට සැකපළකරයි.
කෑ ගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සෝදිසි කිරීමකදී ප්‍රදේශවාසීන් විසින් අදාළ කාන්තාව දැක පොලීසියට දැනුම්දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |