සැමියාගේ අනියම් බිරිඳට ලක්ෂ 10ක් දී බිරිඳ සිය දිවි නසාගෙන.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි..

Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Death Latest Headlines
By krishani Jul 19, 2024 01:02 PM GMT
Report

කාන්තාවක් සිය දිවි නසාගත් පුවතක් පිළිබඳව තොරතුරු ඊයේ (18) යාපනයේ අල්වායී ප්‍රදේශයෙන් වාර්තා විය.

සැමියාගේ අනියම් බිරිඳට ලක්ෂ 10ක් දී බිරිඳ සිය දිවි නසාගෙන.. වෙලා තියෙන්නෙ මෙන්න මේකයි.. | A Woman Committed Suicide

ඒ බව නෙල්ලිඅඩි පොලිසිය සඳහන් කළේ ය.

ඒ සැමියාගේ අනියම් බිරිඳට ලක්ෂ 10ක බැංකු ණයක් තම නමට අරන් දුන් පසුව අනියම් බිරිඳ විසින් නැවත ණය නොගෙවීමෙන් සිත් තැවුලට පත් වීම හේතුවෙන් ය.

ඇය මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇති බව සඳහන් වේ.

33 හැවිරිදි කාන්තාවක් වූ ඇය අසල්වැසි කාන්තාවක් සමග මිතුරුකමක් පවත්වා තිබෙනවා.

එකී මිතුරියගේ අවශ්‍යතාවකට ණය මුදල ලබාගෙන තිබෙනවා.

ඇය එය මාසිකව ගෙවීමට.ද පොරොන්දු වී ඇති අතර මාස 2ක් පමණක් ණය මුදලේ වාරික ගෙවීමෙන් පසුව මිතුරිය මුදල් ගෙවීම නතර කිරීම නිසා බැංකු නිලධාරීන් ණය මුදල ලබා ගත් කාන්තාව සොයා ගෙන පැමිණීමටත් ඇයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවටත් පවසා තිබෙනවා.

මේ අතර ණය පැහැර හැරි මිතුරිය සිය සැමියා සමග අනියම් පෙමක පැටලී සිටින බව දැනගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හටගත් බහින්බස් වීම නිසා සැමියා වෙනත් නිවසක ජීවත්ව ඇත.

ඒ අතරතුරත් අනියම් සම්බන්ධකම පවත්වා ගෙන ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇය දැනගෙන තිබෙනවා.

මේ අනියම් සබඳතාවත් ණය ප්‍රශ්නයත් මත මානසික පීඩනයක පසු වූ කාන්තාව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති බව සඳහන් වේ.

පසුව ඇය ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා.