පෙම්වතියගෙන් සැමියාට ලැබුණු ලිපියට බිරිද දුන් අරුම පුදුම දඩුවම - 99න් බේරුණු සැමියා කළ දේ..

United States of America Wedding Crime
By Sewvandhi Feb 17, 2024 01:47 PM GMT
Report

අමෙරිකාවේ කාන්තාවක් තැපැල් පතක් ලැබීම හේතුවෙන් තම සැමියාව ඝාතනය කිරීමට තැත් කර තිබෙනවා.

ඒ, වසර 60කට පෙර පෙම් සබඳතාවයක් පැවැත්වු කාන්තාවක් තම සැමියාට එවා ඇති ලියුමක් හේතුවෙන් බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම කාන්තාව කෝට්ටයකින් තම ස්වාමිපුරුෂයාගේ හුස්ම හිර කිරීමට තැත් කර තිබෙනවා.

සඳහන් වන්නේ, ඝාතන චෝදනා එල්ල වී ඇති මෙම කාන්තාව 71 හැවිරිදි කාන්තාවක් බවත් මොවුන් විවාහ වී වසර 52කට ආසන්න බවයි.

තමාට පහර දුන් බව මෙන්ම ''මාව මරන්න මගේ බිරිඳ උත්සහා කරනවා'' යනුවෙන් පොලිසියට සැමියා පැමිණි කිරීමෙන් පසුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.