අද සිට හෙට දක්වා වලංගු වන පරිදි කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්.

Sri Lanka Department of Meteorology Weather
By Wayomi Nov 12, 2023 12:03 PM GMT
Report

අද (12) පස්වරු 1.00 සිට හෙට (13) පස්වරු 1.00 දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර දිවයින අශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව ද ඔවුන් පවසනවා.