බොක්සිං පන්තියකට කළ අමුතු ප්‍රහාරය - ළමයි 30ක් මාවනැල්ලේ රෝහලේ..
Hospitals in Sri Lanka
Accident
Latest Headlines
By krishani
මාවනැල්ල නගරයේ බොක්සිං පංතියකට සහභාගී වී සිටි ළමයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් 30 දෙනෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර ළමයින් පිරිසක් බව වාර්තා වේ.
මෙලෙස ළමයින් බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම පංතිය පැවැත්වුණු ස්ථානය අසළ අත්හැර දමා ඇති මහල් 10කින් පමණ යුත් ගොඩනැගිල්ලක සාදා තිබූ බඹර කූඩු ඇවිස්සීමෙන් ය.
එම අවස්ථාවේ ළමයින් 50 දෙනෙකු පමණ මෙම බොක්සිං පංතියට සහභාගී වී ඇත.
කෙසේ වෙතත්, රෝහල්ගත කළ ළමයින්ගේ තත්ත්වය බරපතල නොවන බව මාවනැල්ල මූලික රෝහලේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ය.