වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අංශයෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්..
මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලනයට පත්වීම් සම්බන්ධව වැඩි ඉඩක් පවතන බව සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ හේතුවෙන් අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
අධික උණුසුම හේතුවෙන් පවතින විජලන තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙසත්, අධික හිරු රශ්මියට නිරාවරණය වීම වළක්වාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔවුන් මෙලෙස දැනුම්දීමක් කර තිබේ.
මෙවැනි වාතාවරණය හමුවේ මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ හේතුවෙන් පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් සංකූළලතාවලට ලක්විය හැකි බවයි.
එම නිසා දෙමාපියන් මෙන්ම වැඩිහිටියන් පවතින තත්ත්වය හමුවේ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ඔවුන් දැනුම් දෙනවා.