ජංගම දුරකථන භාවිතා කරන හැමෝටම විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යයෙන් මේ දේ නම් විය යුතුමයි..
                                    
                    Technology
                
                                                
                    Latest Headlines
                
                                                
                    Decision Making
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ය.
මේ බව අද (12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය කියා සිටියේ ය.
ඇය සඳහන් කළේ, දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බවයි.
එමෙන්ම, ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත් වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ඇය ඉල්ලා සිටියා ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඇය සඳහන් කළේ ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව සිම්පත් නිකුත් වී ඇත්නම් ඒවා විසන්ධි කිරීම ඉතාම වැදගත් බවයි.
 
                 
                 
                                             
        
     
     
     
     
    