හාල් ඇත්තේ තව සති දෙකකටයි - සහල් පිළිබඳව අනතුරු ඇඟවීමක්..
Sri Lanka
By krishani
දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙර පැවති වී මෝල් 1000ක ප්‍රමාණය වෙනුවට සක්‍රීයව ඇත්තේ වී මෝල් 70ක් පමණක් බව සුළු හා මධ්‍යම ප්‍රමාණ වී මෝල් හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ (04) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ සක්‍රීයව පවතින වී මෝල් 70ද, සහල් නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති දෙකකට පමණක් බවයි.
ඉදිරියේ දී සහල් හිඟතාව නිර්මාණය වූ පසුබිමක සහල් පටවා ගත් ලොරි රථ හෝ ප්‍රවාහනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බව ද ඔවුන් පෙන්වා දෙයි.