ගමන් කරමින් තිබු වාහනයක් හදිසියේම ගිනිගත් සංවේදී පුවතක්..

Sri Lanka Accident
By krishani Oct 22, 2022 01:42 AM GMT
Report

යාපනය - කන්කසන්තුරය මාවට්ටිපුරම් ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රී ගමන් කරමින් තිබූ වෑන් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇත.

වාහනය ගිනි ගන්නා අවස්ථාවේ රියදුරා ඉන් එළියට පැන ඇති අතර ගින්න හේතුවෙන් වෑන් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත් වී ගින්න නිවා දමා ඇත.

කාර්මික දෝශයක් මත හටගත් විදුලි කාන්දුවක් නිසා ගින්න හටගෙන ඇතැයි සැක කෙරෙන අතර කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join