ඉන්ධන පිරවුම්හල් වහාම වසා දැමෙයි.. - ගත්ත තීරණයක් නිසා සියල්ලන් කැළඹෙයි?.

India Latest Headlines Decision Making
By krishani Mar 10, 2024 02:42 PM GMT
Report

ඉන්ධන පිරවුම්හල් දෙදින වැඩවර්ජනයක් ආරම්භ කළ පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ රාජස්ථාන් වලින් වාර්තා වේ.

ඉන්ධන පිරවුම්හල් වහාම වසා දැමෙයි.. - ගත්ත තීරණයක් නිසා සියල්ලන් කැළඹෙයි?. | A Two Day Strike At Petrol Stations In Rajasthan

ඒ රජය විසින් ඉහළ දැමූ බදු අඩු කරන ලෙස ඉල්ලමින් ය.

රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය පැවසුවේ ඉහළ දැමූ වැට් බද්ද හේතුවෙන් ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දිගින් දිගටම පාඩු ලබන බවයි.

ප්‍රාන්තයේ පවතින ඉහළ ඉන්ධන මිල පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් රාජස්ථාන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය අද (10) උදෑසන 6.00 සිට ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම වර්ජන ක්‍රියාමාර්ගය අරඹනු ලැබීය.

එමෙන්ම, ඔවුන් සඳහන් කළේ පසුගිය වසර 07 තුළ අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල වැඩි වී නොමැති බවත් ය.

ඉන්ධන මිල අඩු කරන බවට අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය ලබා දී ඇති පොරොන්දුව තවමත් ඉටුව නොමැති බව රාජස්ථාන් ඉන්ධන අලෙවිකරුවන්ගේ සංගමය පැවසීය.

කෙසේ වෙතත්, රාජස්ථානයේ ඉන්ධන සඳහා ඉහළම වැට් බද්දක් පනවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.