පිළිකා එන්නතක් ලබා ගත් රෝගීන්ගේ තොරතුරු සොයයි. - එන්නත ගැන CID පරීක්ෂණ.

Cancer Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Nov 20, 2023 11:27 AM GMT
Report

 ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය වෛද්‍ය සැපයීම් අංශයට සැපයු Isolez Biotech Pharma AG සමාගම විසින් ලබාදුන් Rituximab 500mg පිළිකා එන්නත් ලබා ගත් සියලුම රෝගීන්ගේ ගැන තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇත..

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Rituximab Inj 500mg යන මෙම ඖෂධය ලබා ගත් සියලුම රෝගීන්ගේ විස්තර සහ ඖෂධවල ඉතිරිව ඇති ප්‍රමාණය පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙස වෛද්‍ය සැපයීම් අංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම ඖෂධය ලබා ගත් සමාගමට වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන සියයකට වඩා වැඩි මුදලක් ගෙවා ඇති අතර රෝගීන්ට ලබාදුන් ඉමියුනොග්ලොබියුලින් කුප්පිවල අඩංගු වූයේ කුමක්දැයි වෛද්‍ය රසායනාගාරවලින් මෙතෙක් අනාවරණය වී නැහැ.

සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදි කියා සිටියේ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා කිසිදු දේශපාලන බලපෑමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය ඇමතිට දැනුම් දී ඇත්තේ, එම පරීක්ෂණ කටයුතු සඳහා කිසියම් කාල සීමාවක් අවශ්‍ය බවයි.

එමෙන්ම Rituximab පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත වන එන්නතක් ව්‍යාජ WOR හෙවත් ඖෂධ අධිකාරියේ ලියාපදිංචියෙන් තොරව ගෙන ඒමේ ලිපියක් මගින් ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බව වාර්තා වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසනවා.

වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම ඖෂධය එන්නත් 2200ක් සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇති අතර, එම ප්‍රමාණයෙන් දෙදහසකට වැඩි ප්‍රමාණයක් රෝගීන් සඳහා භාවිතකොට අවසන් බවත්,

එම එන්නත් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 152 කට මිලදීගෙන ඇති අතර සම්පූර්ණ තොගය සඳහා රුපියල් මිලියන සියයකට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැය කර ඇති බවත්ය.