කාන්තාවන්ට එරෙහිව අතිශය අමානුෂික තීරණයක් ගනී..
                                    
                    Afghanistan Taliban War
                
                                                
                    Afghanistan Army
                
                                                
                    Afghanistan
                
                                                
                    Taliban
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවය.
සිය තීරණය නිවේදනය කරමින් තලෙයිබාන් උත්තරීතර නායකයා ප්‍රකාශ කර ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගැනීමෙන් පමණක් තලෙයිබාන් සංවිධානයේ කටයුතු අවසන් නොවන බවයි.
2021 වසරේ දී ඇෆ්ගනිස්තානයේ පාලනය අත්පත් කරගැනීමෙන් පසු අධ්‍යාපන, රැකියා ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් කාන්තාවන්ට දැඩි සීමා පනවනු ලැබීය.
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා දැරියන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි, ගෝලීය වශයෙන් ඉතා දරුණු තත්ත්වයක පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වාදී තිබිණි.