ප්‍රධාන පෙළේ තරු හෝටලයක සැප ගත්ත හිමිනම
දින දහ 18ක් සුපිරි තරු හෝටලයක නවාතැන් ගෙන රුපියල් ලක්ෂ 5කට අධික බිලක් නොගෙවා පලාගිය හිමිනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.ඒ මහියංගන ප්‍රදේශයේ විහාරස්ථානයක රැඳී සිටියදී ය.
අදාළ සැකකාර හිමිනම අගෝස්තු 31 වැනිදා කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක් වෙත පැමිණ දින 18 ක් එහි රැඳී සිට ඇති බව පොලිසිය පවසයි.
එලෙස හෝටලයේ රැඳී සිටින අතරතුර දී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් හිමිනම කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබේ.
එහිදී අදාළ හිමිනම හෝටල් පාලනාධිකාරිය වෙත දැනුම් දී ඇත්තේ තමාගේ හෝටල් බිල ගෙවන බවයි. එනමුත් අදාළ හිමිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවී මහියංගණයේ පිහිටි සිය විහාරස්ථානය වෙත ගොස් තිබේ
ඒ සම්බන්ධයෙන් හෝටලයේ පාලනාධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |