"මම සුදු පුතා" කියලා ගෙදරටම ඇවිත් වයෝවෘද්ධ කතකට කළ කැත වැඩේ..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
Decision Making
By krishani
'තමා සුදු පුතා' යනුවෙන් පවසා වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසකට පැමිණ කළ මංකොල්ලයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
අලුයම කාලයේ දී පැමිණි නාදුරන පුද්ගලයෙකු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසකට පැමිණ එලෙස ආමන්ත්‍රණය කර දොර ඇරවාගෙන එම කාන්තාවගේ කරාබු දෙක ගලවාගෙන ගොස් තිබෙනවා.
මෙම 76 හැවිරිදි කාන්තාව නිවසේ තනිව ජීවත්ව තිබෙනවා.
එම පුද්ගලයා පිහියක් පෙන්වා ඇයව බියගන්වා රන් භාණ්ඩ ඉල්ලා ඇති බව සඳහන් වේ.
එම නිවසේ රන් භාණ්ඩ කිසිවක් නොමැති හෙයින් මුදල් පසුම්බියක තිබු රුපියල් 2,500ක් හා ඇයගේ කරාබු යුගලය ගලවා ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.