ගුරු පඩිය මදී කියලා ගුරුතුමියක් කරලා තියන දෙයක්..

Sri Lanka Police Anuradhapura Sri Lanka Drugs
By Piyumika Jun 25, 2024 02:10 AM GMT
Report

පොසොන් සමයේදී අනුරාධපුරයට පැමිණෙන මත්රෝලීන්ට මත්කුඩු විකිණීමට සූදානමින් සිටි ගුරුවරියක අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..

අද සියලුම ලග්න හිමියන් මේ ගැන දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැතිනම් දවසම දුක්වෙන්න වෙයි..

රුපියල් කෝටියකට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ගුරුවරිය හා ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් බවයි පැවසේ.සැකකරු අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන බව වාර්තා වේ.

මෙම යුවළ අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇති බවත් මොවුන් මේවා ප්‍රවාහනය සඳහා භාවිත කළ යතුරු පැදියක්ද අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසා සිටියේ.

බංකොලොත් භාවයෙන් මිදුණු ශ්‍රී ලංකාවක්?..

බංකොලොත් භාවයෙන් මිදුණු ශ්‍රී ලංකාවක්?..

මොවුන් වයස 26 සහ 28 හැවිරිදි වියේ පසු වන්නන් වන අතර දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර වසරක කාලයක් සම්පූර්ණ වීම නිසා එය සැමරීමට ගැනුම්කරුවන්ට විශේෂ දීමනාවක් ලබා දීමට සූදානම්ව සිට තිබේ . ඒ අනූව මත්කුඩු පැකට්ටුවක් සඳහා රුපියල් 500, 1000 වශයෙන් වට්ටම් ලබා දී ඇත.

අත්අඩංගුවට පත් ගුරුවරිය වාරියපොල පදිංචිකාරියක් බවද ඇගේ සැමියා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හදුනාගෙන ඇත .

කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවෙකුගෙන් ලබා ගත් මත්කුඩු මොවුන් විසින් අනුරාධපුර පූජා නගරයේදී අලෙවි කර තිබේ .

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම් දෙකේ තරගය ඇරඹෙයි..

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායම් දෙකේ තරගය ඇරඹෙයි..

යුක්තිය මෙහෙයුම යටතේ කළ වැටලීමකදී මෙලෙස මොවුන් නීතියට කොටු කර ගැනීම සිදුකළ බවයි පොලිසිය වාර්තා කර සිටියේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%