අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් වැල්ලවත්ත වෙරළෙන් හමුවෙයි.

Sri Lanka Police Sri Lanka Death
By Wayomi Nov 05, 2023 05:54 AM GMT
Report

සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී අද (05) උදෑසන සොයා ගැනුණා.

මේ වන විට එම මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය තැනැත්තා 28 හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී තිබෙනවා.

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැළුම් සලකුණු දක්නට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.