රත්මලාන රත් කළ ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට..

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lankan Peoples
By Hashini Aug 25, 2023 04:22 AM GMT
Report

රත්මලාන දුම්රියපොළ අසලදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අපරාධයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු 28 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතරම, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ද සොයාගත් බව පොලීසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය 21 වනදා රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට වෙළෙඳසැලක් තුළ වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

මේ අතර, හෙට්ටිපොළ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.