බියර් පානය කර සිසුවියක් පාසලට ගිහින් - පොලිස් භාරයෙන් රෝහලට..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
වයස අවුරුදු 14ක බාලවයස්කාර පාසල් සිසුවියක් බියර් පානය කර පාසලට ගොස් ඇති පුවතක් අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් වාර්තා වේ.
අදාළ සිසුවිය සම්බන්ධයෙන් සැක සිතී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිසියේ නිලධාරින් දෙදෙනකු විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එහිදී ඇය බියර් පානය කර පාසලට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.
පසුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා (සීයා) විසින් ඇයට මත්ද්‍රව්‍ය භාවිතය පුරුදු කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත.
කෙසේ වෙතත් අදාල පාසල් සිසුවිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.