නොසිතූ මොහොතේ පැමිණි 17හැවිරිදි සිසුවාගේ මාරයා..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Death
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ගල්කිරියාගම දික්වැන්නාගම දී සිදු වූ විදුලි සැර වැදීමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ(25) පස්වරුවේ මියගොස් ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බංඩාර නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද(26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය පැවසීය .
 
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය මඟින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.   
 
                 
                 
                                             
     
        
     
     
     
     
    