රෝගීනුත් අපහසුතාවයට පත් වෙලා?. වෛද්‍යවරුන් කරන්න ගිය වැඩවර්ජනය ගැන නැවත ගත් තීරණය මෙන්න..(UPDATE)

Colombo Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Jul 23, 2024 04:47 AM GMT
Report

UPDATE:-

අද (23) උදෑසන ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කර නව අධ්‍යක්ෂවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරොන්දුවීමත් සමඟයි.

උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න..

උදේ වෙනකොට බැංකු ගිණුමට රු.36000ක්.. අනිත් අයට රු.18000ක්.. - ලැබෙන පිරිස මෙන්න..


ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන 08 සිට අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වූ බව අප වාර්තාකරුවන් සඳහන් කළේ ය.

----------------------------------------------

කට්ටියක් වැඩ වර්ජනයකට සැරසෙයි.. රෝහල් සියල්ල වැසෙයි ද?.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

රෝගීනුත් අපහසුතාවයට පත් වෙලා?. වෛද්‍යවරුන් කරන්න ගිය වැඩවර්ජනය ගැන නැවත ගත් තීරණය මෙන්න..(UPDATE) | A Strike At The National Eye Hospital

ඒ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ය.

"අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට ගැලපෙන ආකාරයට නෙමෙයි මේ පුද්ගලයා හැසිරෙන්නේ. ඒ නිසා දිගින් දිගටම මේ ගැන දැනුවත් කළා. නමුත් අපිට පේන්නේ නෑ සෞඛ්‍ය ලේකම් ලබාදුන් විධි විධාන හා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන බවක් බලධාරීන්. මෙයට විසඳුමක් උදේ 8 වෙද්දි ලබාදුන්නේ නැත්නම් මේ වනවිට තිබෙන තත්ත්වය සමාලෝචනය කර අපිට සිදුවෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න."