අද මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදු වන්න යන දේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින්.
මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මේ බව කියා සිටියා.
ඔවුන් පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවත්ය.
විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරන්නේ, රජය එය නැවත සකස්කිරීමට මාස 3ක් කාලසීමාවක් ඉල්ලා සිටින බවත්, මාසයක් ඇතුළත එය නැවත සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවයි.