එල්.ටී.ටී.ඊ සැකකරුවකුටත් රාජ්‍ය සම්මානයක්.

Government Of Sri Lanka
By Wayomi Oct 30, 2022 10:23 AM GMT
Report

පසුගිය (28) වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එහි විශේෂත්වය වුණේ හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකර ගැනීමයි.

ඒ, අනුව මෙම සම්මානය සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වුණා.

ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වුණා.

ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇති අතර, එම කෘතීන් 8ම සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

ඔහු 2016 වසරේදී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගනු ලැබුවා.

මැගසීන් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ සම්මාන උළෙල සඳහා ඔහු රැගෙන එනු ලැබුවා.

ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW