උත්සවයක් අතරතුර සිදුවූ දරුණු තෙරපීමකින් 146 දෙනෙක් මරුට.(PHOTOS)

Accident South Korea Death
By Aruna Oct 29, 2022 10:54 PM GMT
Report

දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලෝවීන් උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් අවම වශයෙන් පුද්ගලයින් 146 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, ඉන් පුද්ගලයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

හැලොවීන් සැමරීම සඳහා අතිවිශාල ජනකායක් සෝල් අගනුවර ජනප්‍රිය රාත්‍රී ප්‍රදේශයකට රැස්ව සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

තෙරපීම ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම වාර්තා පෙන්වා දුන්නේ, කොවිඩ්-19 වසංගතයෙන් පසුව දකුණු කොරියාවේ මුහුණු ආවරණ රහිතව එළිමහනේ පැවති පළමු හැලෝවීන් උත්සවය මෙය බවයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස සිදුවූ සිදුවීමේ ඡායාරෑප පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery