පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට හිරිහැර කරන අය සොයා විශේෂ මෙහෙයුමක්. - සිදු වෙන්නේ මෙහෙමයි. - (VIDEO)
Sri Lanka Police
Tiran Alles
Deshabandu Tennakoon
By Wayomi
පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන් නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මහත්මිය කියා සිටියේ, අද සිට ආරම්භ කළ බවයි.
ඒ, අනුව රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරීනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් ඊට අනියුක්ත කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.