පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් රටේ සියලුම ජනතාවට විශේෂ දැනුම්දීමක්(VIDEO).
12.30න් අවසන් වූ පැය 24 තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 2000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් කිලෝ 13ක්, ගංජා කිලෝ 07ක් සහ මත්පෙති 1075ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා පොලිසිය පසුගිය දින දෙක තුළ විශේෂ මෙහෙයුම්වල නිරත විය.
මේ අතර, මුලු දිවයිනම ආවරණය වන පරිදි දුරකථන අංක 46ක් ලබාදී තිබෙන බවත් එම දුරකථන අංක වලට ඇමතීමෙන්, ඇමතූ පුද්ගලයා හදුනාගත නොහැකි වන ලෙසත් සකසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.
මෙහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.