අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම් දීමක්.
Sri Lanka Police
Highways In Sri Lanka
By Wayomi
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම් දෙනවා.
ඒ, මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන්.
එමෙන්ම අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථ රථවාහන පොලීසිය වැඩිදුරටත් රියදුරන්ට අවධාරණය කරන්නේ.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී මාර්ගවල අවවාදාත්මක විද්යුත් පුවරු ද ප්රදර්ශනය කර තිබෙනවා.