සඳුදා සිට සියලුම රියදුරන් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..නැතිනම් වෙනදේ මෙන්න..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Motor Vehicles
By Aruna Jan 18, 2024 09:08 AM GMT
Report

රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා ⁣නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටිනවා.

ඒ අනුව, ලබන සඳුදා (22) සිට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.

එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්‍රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට ද නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවූ බවයි, මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළේ.

Sponsored By Sarrita Jewellery

සඳුදා සිට සියලුම රියදුරන් මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..නැතිනම් වෙනදේ මෙන්න..(VIDEO) | A Special Notice To All Drivers