දිය ඇලි, වැව්, ගංඟා සහ මුහුදෙන් නාන්නේ බලාගෙනයි. පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Police Weather
By Wayomi Oct 23, 2022 10:03 AM GMT
Report

අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි, වැව්, ගංඟා සහ වෙරළ තීර ආශ්‍රිතව දිය නෑමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජල මට්ටම එක්වරම ඉහළ යාමට හැකියාවක් පවතින බැවින් ගංඟා පහළ ප්‍රදේශවල වාසය කරන පදිංචිකරුවන් හා විවිධ සංචාරවල නිරතව සිටින පුද්ගලයින් එම ගංඟා සහ අතු ගංඟාවල සිදු කරන ක්‍රියාකාරකම්වලදී සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව පොලිසිය සඳහන් ක‍රන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW