පැල් රැකීමට ගිය අසරණ පියා ඝාතනයට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් 22 හැවිරිදි පාපතර පුතු - මෙරටින් ඇසෙන ඇග හිරිවැටෙන කතාව..

Crime Sri Lanka Karadhiyanar Kalimadu son killef farther
By Sewvandhi Mar 19, 2022 09:34 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

රුපියල් 50,000 කට කොන්ත්‍රාත්තුවක් ලබා දී තම පියා ඝාතනය කළ 22 හැවිරිදි පුත්‍රයෙකු පොලිස් අත්අඩංගුව ගෙන තිබෙනවා. මෙම පුත්‍රයාගෙන් කොන්ත්‍රාත්තුව ලබාගෙන අදාල ඝාතනය සිදු කළ පුද්ගලයා ද අත්ඩංගුවට ගත් බවයි කරදියනාරු පොලිසිය පවසන්නේ.

කරදියනාරු පොලිස් ප්‍රදේශයේ කාලිමඩු ග්‍රාමයේ කුඹරු යායක පැලකදී 54 හැවිරිද පුද්ගලයෙකුගේ හිසට ගලකින් ගසා අනතුරුව ගෙල ද කපා ඝාතනය කර තිබුණේ ඉකුත් 13 වනදා රාත්‍රියේ යි.

මේ පිළිබඳව විමර්ශනය කළ පොලිසියට ඇති වූ සැකයක් මත ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයාව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුල මුල අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

ඒ අනුව හෙළ වී ඇත්තේ 22 හැවිරිදි පුත්‍රයා මිලට ගත් යතුරුපැදියකට ණය වාරික ගෙවීමට පියාගෙන් මුදල් ඉල්ලා එය නොලැබීම නිසා ඔහු පියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි. මේ හේතුවෙන් එම පුත්‍රයා ඔහුගේ මිතුරෙකුට දැනුම් දී තිබෙන්නේ තම පියා ඝාතනය කළ හොත් රුපියල් 50,000 ක මුදලක් ලබා දෙන බවයි.

ඒ අනුව ඉකුත් 13 වනදා පුත්‍රයා සහ මිතුරා යන දෙදෙනාම එක්ව මත්පැන් පානය කර පසුව මිතුරා, පියා පැල් රැකීමට ගිය කුඹුර අසළ පැලට ගොස් නිදා සිටි පියාගේ හිස මතට කළු ගලක් ඇතහැර තිබෙනවා.

අනතුරුව තුවාල ලැබූ පුුද්ගලයා ඉන බැඳ තිබූ නූලකින් ඔහුගේ ගෙල සිරකර මියයාමෙන් අතුරුව තියුණු ආයුධයකින් ගෙල කපා ඇති බවයි කරදියනාරු පොලිසියේ ස්ථානාධිපති තුෂාර හේමචන්ද්‍ර මහතා පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්‍රයා සහ අදාළ ඝාතනය කළ බව කියන 22 හැවිරිදි තැරණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා ඊයේ (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර තත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now