සූදූ කෙළින්න ගිහින් පුතෙක් මවට කළ අහස පොළොව නුහුලන අපරාදය..

India Crime Death Latest Headlines
By krishani a year ago
Report

ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයෙක් සිය මව ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වේ.

සූදූ කෙළින්න ගිහින් පුතෙක් මවට කළ අහස පොළොව නුහුලන අපරාදය.. | A Son Has Killed A Mother In India

ඒ ඔහුගේ ණය කන්ද පියවා ගැනීමට ය.

ඒ ඔහුගේ මවගේ ජීවිත රක්ෂණ වන්දියෙන් හිමිවන මුදලින් ණය පියවා ගැනීම වෙනුවෙන් ය. 

අදාළ සැකකරු විසින් 50 ලක්ෂයක රක්ෂණය ලබා ගැනීමට සිය මව ඝාතනය කර ඇයගේ සිරුර යමුනා ගං ඉවුර අසලට දමා ඇත.

මෙම සිදුවීම වාර්තා වූයේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ෆතේපූර් ප්‍රදේශයෙන් ය.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඔන්ලයින් සූදු ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ අයෙක් ය.

ඒ සඳහා ඔහු විවිධ අවස්ථාවන්වල දී විවිධ පුද්ගලයින්ගෙන් ණයට මුදල් ඉල්ලගෙන තිබෙනවා.

එලෙස ලබාගත් ණය මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් ලක්ෂ 04ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඔහු විසින් මෙම කුරිරු සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කර තිබෙනවා.

සැකකරු විසින් ඔහුගේ පියාගේ ඥාතියෙකුගේ ස්වර්ණාභරණ සොරකම් කර ඒවා විකුණා එම මුදල්වලින් දෙමාපියන්ට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ජීවිත රක්ෂණ ලබාගෙන ඇත.

පසුව ඔහු වැඩි කල් යන්නට මත්තෙන් පියා නොමැති අවස්ථාවක මවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය විය.

කෙසේ වෙතත්, අනතුරුව මවගේ මෘත ශරීරය බෑගයක දමා ට්‍රැක්ටරය දමාගෙන ගොස් යමුනා ගං ඉවුරේ බැහැර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.