මාස 09යේ සිඟිත්තියකට පොළොං තෙලිස්සෙකු හත් වරක් දෂ්ට කරයි.. - පාපිස්ස යට සිටි සර්පයා අල්ලා කටේ දමන්න හදලා..

Sri Lanka
By krishani Sep 27, 2022 05:42 AM GMT
Report

උග්‍ර විෂ සහිත සර්පයකු වන පොළොං තෙලිස්සකු හත් වරක් දෂ්ට කළ මාස නවයක් වය සැති දැරිය කගේ ජීවිතය බේරා ගැනීමට කහවත්ත මූලික රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසු ගියදා සමත් විය.

පොළොං තෙලිස්සා නිවසේ පාපි ස්සක් යට සිට ඇති අතර පාපිස්ස යට සිටි එම සර්පයා දුටු දැරිය එක් අතකින් ඌ අල්ලා ගෙන මුඛය තුළට දමා ගැනීමට උත්සහ කර තිබේ.

එම අවස්ථාවේ දී සර්පයා දෂ්ට කර ඇත්තේ දැරිය ගේ මුහුණ වන අතර දැරිය බේරා ගැනීමට හැකි වී ඇත්තේ ඉක්මනින් රෝහල්ගත කිරීම නිසා ය.

සර්පයා දැරියගේ මුහුණට හත් වතාවක් පමණ දෂ්ට කර ඇති අතර වෛද්‍යවරුන්ගේ දැඩි කැප වීම මත ජීවිත අවදානම කින් තොරව ඇයට ඉකුත් 24 වැනිදා යළි නිවසට යාමට හැකි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join