Pimples නැති කරන Simple Treatment 6ක්.

By Wayomi Sep 12, 2022 08:16 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

pimples කියන්නේ ලෝකයේ මිලියන 600 කට වැඩි පිරිසකට තියන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් pimples ඇති වෙන්නේ අපේ මුහුණේ තියන සිදුරු තුලින් කුණු දූවිලි ඇතුල් වුණාමයි.මේකට කිසිම වයස් භේදයක් නැහැ.

pimples වලට හොඳයි කියලා කාලයක් තිස්සේ කරන ප්‍රතිකාරයක් තමයි කහ අඹරලා ගාන ඒක. ඒත් එය හිතන තරම්ම ප්‍රතිපලයක් දෙන්නේ නැහැ කියලයි ගොඩක් දෙනෙක් මැසිවිලි නගන්නේ.ඉතින් මේ කියන්න යන්නේ ගෙදරදීම කරන්න පුළුවන් වෙනත් ස්වාභාවික pimples ප්‍රතිකාර කිහිපයක් ගැනයි.

01. පොල්තෙල්

? පොල්තෙල් සිසිල් නිසා pimples වටා තියෙන ඉදිමුම අඩු කරනවා වගේම දැවිල්ලත් අඩු කරනවා.

? පොල් තෙල් තේ හැන්දක් අරගෙන දවසට දෙපාරක් කුරුලෑව වටේට රවුමට ගාන්න.

? හැබැයි ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම් පොල් තෙල් භාවිතා කරන්න එපා.


02. සුදු ළූණු

? සුදුළූණු වලින් pimples වල ආසාදනය සහ නිතර නිතර කැඩී යන එක නතර වෙනවා.

? සුදුළූණු ටිකක් අරගෙන කරාබුනැටි එක්ක පොඩි කරලා ඔලිව් තෙල් ටිකක් එක්ක මිශ්‍ර කරලා සාස්පානකට දාලා රත් කර ගන්න.

? ඊට පස්සෙ ඒක සිසිල් වුණාම කපු රෙදි කෑල්ලකින් pimples තියන තැන ආලේප කරන්න.

? විනාඩි 20ට පස්සේ සෝදා හරින්න, දවසකට දෙපාරක් මේක කරන්න පුළුවන් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.


03. කෝමාරිකා

? කෝමාරිකා වලින් skin එක සිසිල් කරනවා.

? ඒ වගේම තුවාල හොඳ කරන්නත් විශේෂ ගුණයක් කෝමාරිකා වල තියෙනවා. රාත්‍රියට කෝමාරිකා ටිකක් මුහුණේ ආලේප කරලා උදේට සෝදන්න.


04. මී පැණි

? මී පැණී ටිකක් කපු රෙද්දකින් pimples තියෙන තැන ආලේප කරන්න.

? දවසකට 3-4 වතාවක් කරන්න පුළුවන් නම් හොඳයි.


05. දෙහි යුෂ

? දෙහි යුෂ ටිකක් සැර වුණත් විෂබීජ විනාශ කරන දෙයක් නිසා pimples වල තියෙන කුණු දූවිලි අයින් කර ගන්න පුළුවන්.

? දෙහි යුෂ එක්ක මීපැණි ටිකක් මිශ්‍ර කරලා pimples වල අලේප කරන්න. හැබැයි ගොඩක් වෙලා මුහුණේ තියෙන්න දෙන්න එපා. විනාඩි 5කින්, 10කින් සෝදා ඉවත් කරන්න.


06. Green Tea

?Green Tea වල තියෙන සිසිල් බව ගුණාත්මක භාවය නිසා pimples ඉදිමීම වගේම නැවත ඇති වීමත් වලක්වනවා.

? Green Tea තේ කොළ ටිකක් කෝමාරිකා එක්ක මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 15ක් පමණ තියලා සෝදන්න. සතියකට දෙපාරක් මේ pack එක දානවා නම් හොඳ ප්‍රතිපල ලැබෙනවා.


pimples ඇති නොවෙන්න නම්,

? මේ දේවල් විතරක් නෙවෙයි, මේදය සහිත කෑම වගේම ඇගට සැර කෑම බීම වලින් පරිස්සම් වෙන්න ඕන.

? ඒ වගේම ඔයාගේ මුහුණේ pimples ගොඩාක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඉන්න dermatologist වෛද්‍යවරයෙක් හමුවෙන්න.

? මුහුණ සේදීම අනිවාර්යයෙන් කරන්න. ඔයා එළියට ගිහින් එනවා නම් මුහුණ සේදීම කරන්න අමතක කරන්න එපා. පිරිසිදුකම අනිවාර්යයි.

? pimples කඩන්න එපා.

? පුළුවන් හැම වෙලාවකම හොඳට වතුර බොන්න.

? Makeup භාවිතා කිරීම අවම කරන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW