අහස උසට ගිය ලොකු ලූණු මිල ගැන ඇගහිරිවැටෙන ආරංචියක්..
Businessman
By Aruna
ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කර සිටිනවා.
පාරිභෝගිකයෝ පවසන්නේ, පිටකොටුව තොග වෙළඳපොලේ මීට දින දෙකකට පෙර කිලෝවක් රුපියල් 260ත් 280 ත් අතර පැවති ලොකු ලූණු කිලෝවක තොග මිල ඊයේ වන විට රුපියල් 380ක් බවට පත්ව තිබූ බවත් එවැනි ආකාරයකට මිල වැඩි වූයේ කෙසේදැයි යන්නයි.
පාරිභෝගිකයෝ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලංකා සතොස ද ලොකු ලුණු කිලෝවක් රුපියල් 365 කට ඊයේ දිනයේ අලෙවි කළ බවත්, රාජ්ය ආයතනයක් එවැනි ආකාරයට මිල වැඩි කරන්නේ කෙසේදැයි ප්රශ්න කරන බවයි.