ලංකාවට පැමිණෙමින් තිබූ නැවක් පාලමක ගැටී සිදු වූ බිහිසුණු අනතුර. - (VIDEO)

Accident Ship
By Wayomi Mar 26, 2024 11:53 AM GMT
Report

අද(26) අලුයම අමෙරිකාවේ බැල්ටිමෝ වරායේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී නැවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී තිබෙනවා.

එම අනතුරෙන් නැවේ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර එම නැවෙහි කාර්ය මණ්ඩලය ලෙස ඉන්දීය ජාතිකයින් 22ක් කටයුතු කර ඇත.

ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව අද(26) අලුයම 1.30 ට පමණ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ එක් කණුවක ගැටීම හේතුවෙන් කිලෝ මීටර 2.5 ක් දිග පාලම පැටප්ස්කෝ ගංගාවට කඩා වැටී තිබෙනවා.

ඩාලි නෞකාව පාලමේ ගැටෙන මොහොතේ මෝටර් රථ සැලකිය යුතු ප්‍රමාණයක් පාලම මත ගමන් කරමින් තිබී ඇති බවත් පාලම කඩා වැටීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ගංගාවට වැටී ඇති බවත් මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර් ප්‍රකාශ කර ඇත.

පැය 5 සෝදිසි මෙහෙයුමකින් පසු ගංගාවට වැටුණු පුද්ගලයන් දෙදෙනකු බේරා ගැනීමට හැකි වුවත් ඉන් එක් අයෙකුගේ තත්වය යහපත් නොවන බවත්, අවම වශයෙන් තවත් හත් දෙනකු ගංගාවට වැටි අතුරුදන් වී ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබෙනවා.