අධිවේගී මාර්ගයට නව නීති රීති මාලාවක්.

Bandula Gunawardane Accident Highways In Sri Lanka
By Wayomi Jan 31, 2024 04:17 AM GMT
Report

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී නව නීති රීති මාලාවක් ඇතුළත් නව ගැසට්ටුවක් හඳුන්වා දීමට රජය තීරණය බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අවම වේග සීමාව ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනය තවත් සති දෙකකින් ප්‍රකාශයට පත් කරනු ඇති.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී මේ බව සඳහන් කළා.

"අධිවේගී මාර්ගයන්හි ගමන් ගන්නා පුද්ගලයන්ගේ පුද්ගල විශේෂතාවලින් තොරව ජීවිත ආරක්ෂාව සඳහාත් ශරීරාංග ආරක්ෂා කිරීමතට නව විධිවිධාංග ඇතුළත් ගැසට් පත්‍රයක් සති දෙකකින් නිකුත් කිරීමට කටයුතු කරනවා. මේ ගැන අදාළ පාර්ශ්ව සියල්ල සමග සාකච්ඡාවක් කළා. කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය ධාවනය. ඒ වගේම අවශ්‍ය වේගයට වඩා අඩු වේගයෙන් ගමන් කරන වාහන ඉස්සර කිරීමට යාමේදී සිදුවන අනතුරු, මෙන්ම බීමත්ව රිය පැදවීම වැනි කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව පුද්ගල භේදයකින් තොරව සැමට පොදුවන දැඩිව ක්‍රියාත්මක කරන රීති නීති පද්ධතියක් ඉතා කෙටිකාලයක් තුළදි ප්‍රකාශයට පත්කරනවා."

                                                                           Sponsored By Sarrita Jewellery 

අධිවේගී මාර්ගයට නව නීති රීති මාලාවක්. | A Set Of New Rules For The Highway