පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස සියදිවි නසා ගනී - හිතුවෙවත් නැති දෙයක් ගැන කියලා මිතුරියට SMS පණිවිඩයකුත් යවලා..
දූෂණයට ලක් වූ 16 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි හානිකරගත් පුවතක් වාර්තා වේ.
මෙම ඛේදනීය පුවත වාර්තා වන්නේ බදුල්ල ප්‍රදේශයෙන් ය.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක් ය.
ඇයගේ පියා මව අතහැර දමා ගොස් ඇති අතර වසරකට පෙර ඇය ද විදෙස්ගත වී ඇත.
අනතුරුව ඇය සිය 70 හැවිරිදි වියේ පසුවන මිත්තණිය ළග සිට ඇති අතර මීට සතියකට පමණ පෙර ඇයගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව බදුල්ල සරුංගල් කන්ද වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඇය එදින නිවසින් පිටව ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා ය.
එහිදී මෙම අපරාධය සිදුවූ බව ඇය සිය මිතුරියකට යොමුකර තිබූ කෙටි පණිවුඩයකින් හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෙම පාසල් දැරිය පසුව නිවසට පැමිණ සිය මිත්තණිය ලබාගත් ඖෂධ පෙති පානය කර තිබෙනවා.
ඉන් බරපතළ ලෙස රෝගී වීමත් සමග බදුල්ල රෝහල වෙත ඇය ඇතුළත් කර ඇත.
මේ අතර, තමන් පෙම්වතා අතින් දූෂණයට ලක් වූ හේතුවෙන් මෙම පෙති පානය කර බව ඇය මිතුරිය වෙත යැවූ කෙටි පණිවුඩයේ සඳහන්ව ඇත.
ඊයේ (06) සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ පෙම්වතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.
අද ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.