තවත් පාසල් සිසුවෙක් අතුරුදන් වෙයි..

Sri Lanka Police
By krishani May 30, 2022 05:05 AM GMT
Report

අවිස්සාවේල්ල - ගුරුගල්ල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පෙරේදා (28) දිනයේ සිට අතුරුදන් වී ඇති බවට අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර සිසුවාගේ දෙමාපියන් විසින් ඊයේ (29) රාත්‍රියේ ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු 15 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර මීට පෙර ද නිවසින් පිටව ගොස් දින කිහිපයකට පසු යළි පැමිණ තිබුණේ මිතුරෙකුගේ නිවසේ රැඳී සිටීමෙන් අනතුරුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join