රිලව් එලවන්න කළ වැඩක් නිසා පාසැල් සිසුවකුට දිවි අහිමි වී ගිය ඒ සංවේදී පුවත..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Jun 25, 2024 06:14 PM GMT
Report

17 හැවිරිදි පාසැල් සිසුවකුට විදුලි සැර වැදීමකින් අද (25) ජීවිතක්ෂයට පත් ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

රිලව් එලවන්න කළ වැඩක් නිසා පාසැල් සිසුවකුට දිවි අහිමි වී ගිය ඒ සංවේදී පුවත.. | A School Student Gets Electrocuted

මෙම සිසුවා ඉකුත් දා පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකු වේ.

සිය නිවස පිහිටි ගෙවත්තට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා ගෙවත්තේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයකට සපයා තිබූ විදුලි වරයක ඇති වූ දෝශයක් සැකසීම සදහා කටයුතු කරමින් සිටි අවස්ථාවේ එම සිසුවාට මෙලෙස විදුලි සැර වැදී ඇත.

එලෙස විදුලි සැර වැදීමෙන් අනතුරට පත් සිසුවා ප්‍රතිකාර සඳහා කඩිනමින් ආඬියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට එම දෙමව්පියන් හා අසල්වැසියන් කටුයුතු කර තිබෙනවා.

එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එම සිසුවා දඹුල්ල රෝහලට මාරු කර යැවීමට එම වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

එම අවස්ථාවේ ගිලන්රථය නොතිබීම හේතුවෙන් හා වෙනත් ගිලන් රථයක් සොයා ගැනීම සඳහා පැවැති අපහසුතාවයක් හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් එම රෝහලේදීම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.

එම සිසුවාට විදුලි සැර වැදීමෙන් පසු වූ එම සිසුවා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.