ආරච්චිකට්ටුවේ පාසලක් තාවකාලිකව වැසේ.

Sri Lanka Elephant Sri Lankan Schools
By Hashini Aug 31, 2023 09:43 AM GMT
Report

ආරච්චිකට්ටුව, කුරුක්කුලිය ප්‍රදේශයේ කුරුක්කුලිය මහා විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ හය දෙනෙකුගෙන් පමණ සමන්විත වල අලි රංචුවක් හේතුවෙන්.

අද (31) දින සිසු සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අදාළ වල අලි රංචුව ගම්මානයට කඩා වදින විටත් විදුහල තුල සිසු සිසුවියන් සිට ඇති අතර එම සිසු සිසුවියන් මව්පියන් වෙත භාර දීමට කටයුතු කර ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව වන අලි රංචුව පලවා හැරීමට පියවර ගෙන තිබුණා.