බලු මැක්කන් කළ හදියක් - පාසලක් වැසී යයි..

Sri Lanka Sri Lankan Schools
By krishani Aug 28, 2023 01:47 PM GMT
Report

අද (28) සහ හෙට යන දෙදින බලපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය වසා තැබීමට පියවර ගෙන ඇත.

ඒ බලු මැක්කන් හේතුවෙන් සිසුන්ට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ය.

එම විදුහල් භූමිය පුරාම බලු මැක්කන් සහ ඇසට නොපෙනන තරම් කුඩා වැලි මැක්කන් සිටින බව සඳහන් වේ.

මීට හේතුව වන්නේ ප්‍රදේශයේ සැරිසරන බල්ලන් විදුහල් භූමියේ ගැවසීමයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර තිබෙනවා.

මේ වන විට බෙහෙත් වර්ග කිහිපයක් යොදමින් මැක්කන් මර්දනය කරමින් සිටින බව වාර්තා වන අතර වෛද්‍ය උපදෙස් මත දැනට බෙහෙත් යෙදීම සිදුකරනු ලබයි.

පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ පාසල දින දෙකක් වසා තැබීමට තීරණය කළ බවයි.

ඒ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ය.