සියල්ලන්ගේ හදවත් කම්පා කරමින්, පාසල් සිසුවාට මරු කැදවූ රෙදි පටිය..

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation
By Sewvandhi Feb 11, 2024 01:29 PM GMT
Report

ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් නුවරඑළිය මාගස්තොට පදිංචි වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

පොලීසිය සැකපළ කරන්නේ, සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවටයි.

දරුවා නිවස තුළට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් කළ සෝදිසි කිරීමකදී දරුවාගේ සිරුර ගසෙහි එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබේ.

දරුවාගේ පියා මීට වසර කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර එම දරුවාට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙක් සිටී.

වාර්තා වන්නේ, ඔවුන් සිය මව සමග එම නිවසේ වාසය කර ඇති අතර අද පස්වරු 1ට පමණ දරුවා සුපුරුදු පරිදි සෙල්ලම් කිරීම සඳහා නිවසින් පිටතට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි.

නුවරඑළිය පොලීසිය සිද්ධිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.