අමාත්‍ය ධූර සංශෝධනයක් ගැන අලුත්ම ආරංචියක්..ප්‍රබල අමාත්‍ය ධූරත් වෙනස් වෙයි?..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Politician Ministry of Health Sri Lanka Sri Lanka Cabinet
By Aruna Sep 11, 2023 03:31 AM GMT
Report

මෙම මාසය තුළ අමාත්‍ය ධුර කිහිපයක සංශෝධනයක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග අවධාරනය කරනවා.

ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ අතර මේ සම්බන්ධයෙන් කතාබහක් මතුව ඇති අතර එය සිදුවන කාලවකවානුව සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී විදෙස් ගතවීමට සුදානමින් සිටිම ඊට හේතුව වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට තවත් අමාත්‍යධුර 08ක් පිරිනැමීමේ හැකියාව පවතී.

කෙසේවෙතත් කැබිනට් සංශෝධනයේ දී අමාත්‍ය ධුර හතරක් අලුතෙන් ලබාදෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග අනුව වාර්තා වන්නේ.

බොහෝවිට නව අමාත්‍යධුර සකස් කිරීම දැනට අමාත්‍ය ධුර දරන පුද්ගලයින්ගේ විෂයන් ඉවත් කරමින් සිදුවනු ඇති බවද සඳහන්.

පවතින තත්ත්වය තුළ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද වෙනසක් සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර රාජකාරිමය ගැටලු සම්බන්ධයෙන් මත ගැටුමක් මතුව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ඔවුන් මෙම ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඉදිරියේ දී සිදුවන කැබිනට් සංශෝධනයේ දී මේ සම්බන්ධයෙන් ද අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට අලුත් චක්‍ර ලේඛණයක්...වැටුප් සහිතව මාස 04ක් නිවාඩු..

රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට අලුත් චක්‍ර ලේඛණයක්...වැටුප් සහිතව මාස 04ක් නිවාඩු..