පාස්කු විමර්ශන රජය කඩා කප්පල් කරපු හැටි හිටපු CID නිලධාරියෙකු කළ විශේෂ අනාවරණයක්. - (VIDEO)
පසුගිය රජය විසින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කඩාකප්පල් කළ බවට මීට පෙර CID ය භාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න චෝදනා කරන්නේ.
ඒ, ඔස්ට්‍රේලියා ABC පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී ඔහු අනාවරණය කරන්නේ,පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගේ භූමිකාව සැගවීමේ අරමුණින් හමුදා බුද්ධි අංශ පොලිසියට වැරදි තොරතුරු ලබා දුන් බවයි.
ABC පුවත් සේවය පෙන්වා දෙන්නේ, කළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අදාළ පොලිස් විමර්ශන කඩාකප්පල් කළ දේශපාලන ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි.
මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩිදුරටත් කියා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මාස හයකට පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමග තම කණ්ඩායම අදාළ විමර්ශනලින් ඉවත් කළ බවත්ය.