2024 වර්ෂයේ උපදින දරුවන් ගැන අමුතුම කතාවක් - ඔවුන්ගෙන් පවුලට සිදුවන දේ ගැන දැනගන්න..

Government of China China
By Sewvandhi Jan 29, 2024 05:58 AM GMT
Report

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චීන කැලන්ඩරයට අනුව මේ වසර ‘මකරාගේ වර්ෂය’ ලෙස නම් කර ඇති බැවින් පසුගිය වසරේ පහත වැටුණු චීන ජනගහනය මේ වසරේ නැවත වර්ධනය වනු ඇතැයි එරට ජනගහන සංගමයේ උපසභාපති යුවාන් ෂිං විශ්වාසය පළ කර ඇති බවයි.

එම වාර්තා පෙන්වා දෙන්නේ, චීනයේ ජනගහනය පහත වැටීම එරට රජයේ කනස්සල්ලට හේතු වී ඇති බවයි.

එම සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන්නේ, චීනයේ ජාතික සංඛ්‍යාලේඛන දත්ත කාර්යාංශයේ වාර්තාවකට අනුව පසුගිය 2023 වසරේදී එරට ජනගහනය 2022 වසරට වඩා මිලියන 2.08කින් පහත වැටී ඇති අතර, 2022 වසරේදී ද චීන ජනගහනය අටලක්ෂ පනස්දහසකින් පහත වැටුණු බවයි.

එරට මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ,රාශි 12 ක චක්‍රයකට අනුව චීනයේ සෑම වසරක්ම එම රාශි සංකේතවත් කරන සතුන්ගේ නම්වලින් හඳුන්වනු ලබන අතර, ඒ අනුව මේ වසරට හිමි රාශි සත්වය මකරා බවයි.

මකරාගේ වර්ෂයේ උපත ලබන දරුවන් පවුලට වාසනාව උදා කරන බවට චීන ජනතාව අතර විශ්වාසයක් පවතින බවත්, අවසන් වරට මකරාගේ වර්ෂය උදා වූ 2012 වසරේදීද එරට ජනගහනය සැලකිය යුතු අන්දමින් ඉහළ ගිය බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

Sponsored By Sarrita Jewellery

2024 වර්ෂයේ උපදින දරුවන් ගැන අමුතුම කතාවක් - ඔවුන්ගෙන් පවුලට සිදුවන දේ ගැන දැනගන්න.. | A Revelation About Newborn Babies 2024