තරු හෝටලයක පැවති - රට ගිනි තියන කුමන්ත්‍රණයක් ගැන බුද්ධි අංශ වලින් අනාවරණයක්.

CID - Sri Lanka Police Keheliya Rambukwella Sri Lanka Government Of Sri Lanka SL Protest
By Wayomi Jul 07, 2023 08:13 AM GMT
Report

මෙරට තුළ යළි අර්බුදයක් ඇති කර සමස්ත ක්‍රියාවලියම අස්ථාවර කිරීමට කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

පසුගිය සතිය තුළ අදාල කණ්ඩයම මහනුවර ඇල්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක වැඩමුළුවක් පවත්වා ඇති බව ඔහු අනාවරණය කරනවා.

එමෙන්ම එහිදී ඔවුන් හමුදාවට හා පොලිසියට විරෝධතාවයකදී මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් එම පිරිසට විශේෂ පුහුණුවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අදාල පුහුණු වීමේදී කදුළු ගෑස්, ජල ප්‍රහාර සඳහා මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්ද ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් මෙහිදී සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇත.

බුද්ධි වාර්තා වලට අනුව මෙම කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී වර්ජන රැල්ලක් ආරම්භ කිරීමට කටයුතු සූදානමක් පවතී.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පසුගියදා සඳහන් කළේ සංවිධානාත්මක පිරිසක් යළි එකතු වී රටේ සියලු ක්‍ෂෙත‍්‍රයන් අඩපණ කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් ඇති බවයි.