විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සීමා කිරීමක් ගැන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

Sri Lanka Department of Immigration & Emigration Passport
By Wayomi Aug 03, 2023 07:35 AM GMT
Report

අද (03) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලයේ සේවා සීමා කර තිබෙනවා.

සේවය ලබා ගැනීම සඳහා කාර්යාලයට දෛනිකව විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, තදබදය අවම කර සේවාලාභීන්ට වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.