බේකරි හිමියන් රජයෙන් කළ ඉල්ලීම..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 24, 2022 04:43 AM GMT
Report

පාන් රාත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මත මේ දිනවල වැටලීම් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

එම අධිකාරිය සඳහන් කළේ අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳ සැල් 70කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ ගැටළුවලට විසඳුම් ලබානොදී වැටලීම් සිදු කිරීම පළක් නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා  සඳහන් කළේ ය.